මේ දිනවල ඡනප්‍රිය ටෙලිනාටකයක් වන සිහින පියාපත් "මිහිරංගි" ලෙස රගපාන ශලනි තාරකා පිලිබද කෙටි සටහනක්...(උපුටා ගැනිම : www.lankadeepa.lk)
ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්...
සම්පූර්ණ නම: ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා
උපන්නෙ කොහෙද: බලන්ගොඩදී
වයස: අවුරැදු 21 යි
සමත් විභාග:සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ
ඉගෙන ගත් පාසල:බලංගොඩ ශාන්ත ඇග්නට් සහ ශිෂ්‍යත්ව සමත්ව මීගමුව නිව්ස්ටඩ්
ලග්නය: කුම්භ
පවුලේ විස්තර ? අම්මා, තාත්තා, අයියා, නංගි
උසස් පෙළ සමත් කිව්වා නේද ?
ඔව්.
සරසවි වරම් දක්වා සුදුසුකම් තිබුණා. ඒත් එදා ඉඳලම සරසවිය මට එතරම් ප්‍රියජනක වුණේ නැහැ. සරසවි උනන්දුව තිබුණේ නැහැ.
ඇයි ඒ ?
දන්නේ නැහැ.
මොනවගේ උනන්දුවක්ද තිබුණේ ?
කුඩා කාලයේ ඉඳලම චිත්‍රපට නරඹන්න ආසා කළා. ලොකු වෙද්දි ගුවන් සේවිකාවක වෙන්න හිතුණා. ඔෆිස් ජොබ් එකකට කවදාවත් කැමති වුණේ නැහැ.
ගුවන් සේවිකා සිහිනය ?
ඒක දැන් නැහැ.
දැන් ගුවන් සේවයට යන්න බැරිද ?
බැහැ කියලා හිතෙනවා.
ඔබට එක අරමුණක් නැහැ වගෙයි ?
අරමුණක් නැතිව කාටවත් වැඩ කරන්න බැහැ.
මොකක්ද අරමුණ ?
අහම්බෙන් ආපු රඟපෑමේ ගමන හොඳට කරමින් මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි අරමුණ.
ඒ කියන්නේ ජනප්‍රියත්වය ආභරණයක් කරගෙන කටයුතු කිරීම ද ?
මට ජනප්‍රිය උණ රෝගය නැහැ. ඒක එහෙම අයගෙන් අහන්න. සමහර අය ආව ගමන් පිපිරිලා යනවා. ඊට පස්සෙ හිටපු තැන් සොයා ගන්නත් බැහැ. මම ඒ රුල්ලෙ කෙනෙක් නෙවෙයි.
ඒ කියන්නේ ඔබ වඩා ජනප්‍රිය චරිතයක්ද ?
කොහෙත්ම නැහැ. සාමාන්‍ය පිරිසක් දන්න හඳුනන කෙනෙක්.
ඔබගේ තරමට අනුවද වැඩ කරන්නේ ?
ඔව්, අනිවාර්යෙන්ම එහෙමයි.
එතකොට රඟපෑම වෘත්තිය නොවේද ?
වෘත්තියම නෙවෙයි. මගේ හීනය සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. නමුත් දැනට රංගනයට උපරිම කැපවීම කරනවා.
කැම්පස් යන්න හැමෝටම වරම් ලැබෙන්නෙ නැහැ. ඒක පිනක්. ඔබ ඒ පිනට පයින් ගහලා කිව්වොත් ?
දෙමාපියන් හරස් වුණේ නැද්ද ?
කිසිදේකට මට බල කළේ නැහැ. අපට යහපත් මාර්ගය කියලා දුන්නාට අපේ ජීවිතවලට සීමා දැම්මෙ නැහැ.
ඒ කියන්නෙ ඉගෙන ගෙන පිළිගත් තනතුරක් අවශ්‍ය නැහැ කියන එකද ?
මේ ලැබුණු දේට මම උපරිමව ගරු කරනවා. ඒ වගේම කැපවෙනවා.
සිරස කුමරියගෙන් පසුව, රංගනයට, ඊ ළඟට දැන්වීම්වලට පෙනී සිටි ඔබ තරු වැඩසටහන්වලට අමතරව වැඩසටහන් නිවේදනයටත් එක් වුණා ඊළඟට මොනවද කරන්නෙ? මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ?
දැනට එච්චරයි.
ඒ සියල්ල හොඳින් කළා කියලා හිතෙනවද ?
දන්නෙ නැහැ. ලැබුණු දේ උපරිමයෙන් කළා.
මේ සියල්ල කරන්නෙ මුදල් මුල් කරගෙනද ?
මුදල් අවශ්‍යයි. ඒත් මුදල් මුල් කරගෙනම නෙවෙයි. මම කාටවත් මේ දක්වා අත පාලා නැහැ. ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වෙනවා.
ටිකක් විතර.
ඇයි එහෙම වෙන්නේ ?
ඒ මගේ හැටි.
ඇත්තටම ඔබ කවුද ?
මම ශලනි.
කොහොම කෙනෙක්ද ?
මගේ පිටතින් එකක්. ඇතුළාන්තයෙන් එකක් කියලා දෙබිඩි ජීවිතයක් නැහැ. මවා ගත්ත ලෝකයක් නැහැ. ඉක්මනට කේන්ති යනවා. ඒ මොහොතේදීම සෑම දෙයක්ම විසඳගන්නවා.
තරුණියක ලෙස සම්මතයට අනුව ජීවිතය ගෙවනවා කියලා හිතෙනවාද ?
අසම්මත දේවල් කරලා නැහැ.
ආදරේ දී වුණත් එහෙමද ?
ඔව්.
පෙම්වතුන් කීප දෙනෙකුට එකවර ආදරය කිරීම ?
මට එහෙම පහත් මානසිකත්වයක් නැහැ. යම්කිසි කෙනෙකුට හිත ගියොත් ගියාම තමයි. එතකොට මම එයාට උපරිමයෙන් ආදරය කරාවි.
ළඟදී විදෙස් සංචාරයකට යනවා නේද ?
ඔව්, කොරියා සහ ලන්ඩන් යනවා.
මොකටද ?
නර්තන සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වෙන්න.
සංගීතයත් පුළුවන්ද ?
තරමක් දුරට.
සිහින පියාපත් "මිහිරංගි" ගැන ඔබට හිතෙන්නේ කොහොමද ?
ලොකු වෙනසක්. හැබැයි ඒ මම නෙවෙයි. මම කළ වෙනස්ම චරිතයක්. මට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තූතියි කියලා කියන්න කැමතියි.
No comments:
Post a Comment